ඇත්තටම මොනවද මේ ටොරන්ට් කියන්නෙ?
මේ වගේ ප්‍රශ්න ගොඩක් අය අහන දෙයක් ඒක නිසා අපි හිතුව IT Master ගේ මුල්ම ලිපිය හැටියට ඔයාලට Torrent ගැන කියල දෙන්න.
Torrent කියන්නෙ Internet එකෙන් File Download කරන්න භාවිතා කරන ක්‍රමයක්. ඇත්තටම මේ ක්‍රමය තමයි සාර්ථකම ක්‍රමය කියුවොත් අපි හරි. එහෙම කියන්නෙ මෙන්න මේ හේතු නිසා.
· Torrent ඕනෙම පරිගනකයකම භාවිතා කරන්න පුළුවන්.
· Torrent කියන්නෙ නොමිලේ ලබා දෙන සේවාවක්.
· කුඩා,විශාල ඕනෙම File එකක් Torrent හරහා Download කරගෙනිමේ හැකියාව තියනවා.
· ඕනෙම මාතෘකාවක් ඔස්සේ තොරතුරු හොයාගන්නත් පුළුවන්.
· Download කරන අතරතුර පරිගණකයට හෝ අන්තර්ජාලයේ සිදුවන අඩාලවීමකදී එතෙක් Download කරගත් දත්ත ආරක්ෂා සහිතව තබාගැනීමේ හැකියාව.
· අවශ්‍ය අවස්ථා වලදී Pause කිරීමේ හැකියාව හා නැවත එතැන සිට ඉදිරියට Download කිරීමේ හැකියාව සහිත වීම.
ඔන්න ඔය කියපු කරුණු නිසා තමයි Torrent පාවිච්චි කරන එක සාර්ථකම ක්‍රමය කියල අපි මුලින්ම කිවුවේ. Torrent වල තවත් වාසියක් තමයි මේ හරහා Download කරන විට පරිගණකය සතු කාර්යක්ෂමතාව ඉතා අඩු ප්‍රමාණයක් වැය වීම. ඒ කියනේ පරිගණකය Slow වීමකින් තොරව Download කරගෙනිමේ හැකියාව.
අපිට මුලින්ම ටොරන්ට් ගැන අහන්න ලැබෙන්නේ 2005/2006 වසර වලදී.Ludvig Strigeus කියන ස්වීඩන් ජාතික පරිගණක මෘදුකාංග ශිල්පියෙකුගේ නිර්මාණයක් විදියට.
කොහොමද මේ ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නේ?
ටොරන්ට් ක්‍රියාත්මක වෙන්න එහෙමත් නැතිනම් ඩවුන්ලෝඩ් වෙන්න ප්‍රධාන සාධක 4ක් උවමනා වෙනවා. ඒ තමයි
· Torrent File
· Torrent Client
· Trackers
· Seeds
Torrent File
Torrent File කියල කියන්නෙ අපිට ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය දත්ත පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපිගොනුව මේ File එක තමයි අපි ඉන්ටෙනෙට් එකෙන් හොයාගෙන මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.
http://www.kt.ph
http://www.thepiratbay.com
http://www.torrentdownload.net
මේ වගේ Torrent Search Engine වලින් ඉතා පහසුවෙන් Torrent File හොයාගන්න පුළුවන්.
Torrent Client
මෙයා තමයි අපි මුලින් ඩවුන්ලෝඩ් කරගත්ත File එකේ තියන දත්ත කලමනකරණය කරල අපේ පරිගණකයට අපිට අවශ්‍ය File ඒක Download කරල දෙන්නේ. එහෙමත් නැත්නම් තේරෙන සිංහලෙන් කියුවොත් මේ තමයි ටොරන්ට් සොෆ්ට්වෙය එක.අපිට Torrent Client කෙනෙක් විදියට μtorrent,Bit torrent වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්.
Trackers
Tracker කියල කියන්නෙ අන්තර්ජාලයේ Download කරන Torrent File ඒකට අදාළ Files තිබෙන පරිගණක අපිට හොයල දෙන අය. එකියන්නේ Torrent කියල කියන්නෙ Internet එකෙන් අපිට අවශ්‍ය දත්ත Download කරගන්න එකම නෙවෙයි, එතැනදී සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය දත්ත අන්තර්ජාලය හරහා වෙනත් අයගේ Computer එකින් ලබාගැනීම.
Seeds
Seeds කියන්නෙ අපි Download කරගන්න යන File එක අඩංගු අන්තර්ජාලයත් එක්ක සම්භන්ධ වෙලා ඉන්න පරිගණක වලට. මතකයිනේ මුලින් අපි Trackers වලදී කියුව අපි ටොරන්ට් හරහා කරන්නේ තවත් පරිගනකයක තියන දත්ත Internet එක හරහා ගන්නවා කියල අන්න එහෙම ගන්න පුළුවන් වෙලා තියන ඒ කියන්නෙ Internet එක්ක Connect වෙලා තියන පරිගණක තමි මේ Seeds කියල කියන්නෙ.
දැන් හොඳටම තේරෙන්න ඇති මොනවද මේ Torrent කියල.
0 comments:
Post a Comment