ත්රිමාණ සජීවීකරණය, ත්රිමාණ රූප කියන්නෙ මොනවද කියල ඉතින් අමුතුවෙන මම කියන්න ඕනේ නෑ නෙ ඔයාලට නේද? අපි දැන් කියල දෙන්න හදන්නේ ඒවගේ වැඩ දාන්න පුළුවන් අලුත් සොෆ්ට්වයර් එකක් ගැන.හැබැයි අලුත් කිව්වට මේක අලුත්මත් නෑ. ඒ උනත් මේ සොෆ්ට්වයර් 1 ගොඩක් අය දන්නේ නෑ ඒ නිසාමයි ඒ ගැනත් කියල දෙන්න ඕනි කියල හිතුවෙ IT Master ගෙන්.
හරි හරි දැන් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකො......
මේ සොෆ්ට්වයර් 1 නිර්මාණය කරල තියෙන්නේ අපි කවුරුත් දන්න Google සමාගමෙන් මේකේ නම තමයි Google Skechup. මේ සොෆ්ට්වේයාර් එකෙන් අපිට පුළුවන් පොඩි පොඩි 3D Objects නිර්මාණය කරන්න හැබැයි ටිකක් මහන්සිවෙලා උත්සාහ කලොත් 3D House Plan ලොකු ලොකු වැඩ උනත් දාන්න පුළුවන්. අපි නිර්මාණය කරන 3D Objects Video එකක් විදියටත් Photos විදියටත් අපිට Save කරන්න පුළුවන් එකයි මේ වැඩසටහනේ විශේෂත්වය. අනිත් එක තමයි මේ සොෆ්ට්වේයාර් එක දැනට තියෙන අනිත් 3D Modling Software වගේ ගොඩක් අමාරුත් නෑ ගොඩක් ලොකු සොෆ්ට්වේයාර් එකකුත් නෙවෙයි ඒක නිසා අපිට ඕනෙම පරිගනකයක මේ සොෆ්ට්වේයාර් එක Install කරගෙන වැඩ කරන්න පුළුවන්.
මේ සොෆ්ට්වෙයාර් එකේ තියන තවත් එක වාසියක් තමයි අපිට උවමනා වෙන 3D Objects ඕනේ නම් මේ සොෆ්ට්වෙයාර් එකේම තියන 3D Wharehouse එකෙන් Download කරගන්නත් පුළුවන්.
මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන්න යන අපි දැනගන්න ඕනේ තවත්දෙයක් තියනවා ඒ තමයි මේ සොෆ්ට්වෙයාර් එකෙන් ම විතරක් 3D වැඩ දාන්නම බෑ ඒකට තවත් Plugin එකක් පාවිච්චි කරන්න වෙනවා අපිට ඒ තමයි VRay කියන Plugin එක.මෙන්න මේ Plugin එක පාවිච්චිකරලා අපිට පුළුවන් මේ ලිපියේ කලින් කියුව වගේ අපේ 3D වැඩ Video, Photo විදියට Save කරන්න.VRay කියන Plugin එකෙන් Light Effects වගේ ගොඩක් වැඩ දාගන්නත් පුළුවන්
0 comments:
Post a Comment