Sunday, August 14, 2016

Active@ Boot Disk වලින් වැඩ කෝටියයි


ආයුබෝවන් යාලුවනේ ඔන්න තවත් වැඩ කෑල්ලක් අරන් අපි අවා ඔයාලව හමුවෙන්න. මේකනම් අලුත් දෙයක් නෙවෙයි ටිකක් පරණ එකක් ඒත් ගොඩක් වැදගත් නිසා අපි හිතුව මේ ගැන ඔයාලව දැනුවත් කරන්න.
සාමාන්‍යයෙන් Computer එකේ වැඩ කරනකොට Files Delete උනාම අපහු ගන්නේ කොහොමද?, Computer එකක Login Password එක අයින් කරගන්නේ කොහොමද?, Hard Disk එකක් backup කරගන්නේ කොහොමද ඔය වගේ ප්‍රශ්න කෝටියක් විතර එනවනේ. ඒ සේරම ප්‍රශ්න වලට එක උත්තරයක් තියනවා ඒ තමයි Active@ Boot Disk.
මොකක්ද මේ Active@ Boot Disk.
මේ තමයි මම කලින් කියපු වඩාත් එක්ක තව වැඩ ගොඩාක් කරගන්න පුළුවන් එක software Kit එකක් එහෙමත් නැත්නම් Software Package එකක්. මේ Software Kit එකෙන් මෙන්න මේ වැඩ ටික ඔයාලට කරගන්න පහසුකම ලැබෙනවා.
Active@ Disk Image - for backing up your disks
Active@ Password Changer - for resetting your local password
Active@ KillDisk - for hard drive erasing
Active@ File Recovery - for data recovery
Active@ Partition Recovery - for advanced partition recovering
Active@ Hard Disk Monitor - for HDD monitoring
Active@ Partition Manager - for partition creation & editing
Active@ Data CD/DVD Burner - for burning data disks
Network Utilities - for network configuration & access
System Utilities - all useful tools for system
Internet Utilities - for browsing web, etc.
Console tools - DiskPart, PowerShell...

මේ තියෙන්න Active@ Boot Disk වල තියන Original වැඩ ටික මේවට අමතරව මෙන්න මේ වගේ අමතර වැඩ කෑලි ටිකකුත් එකතු කරල තියනවා
Disk Backup and Imaging Tools
- Active@ Disk Image v7.0.4 (Bundled app)
- Macrium Reflect Server Plus  v6.1.936
- Terabyte Image for Windows v2.98
- Acronis True Image 2016 Build 6027
- AOMEI Backupper Technician v3.2
- Symantec System Recovery 2013 R2
- DriveSnapshot v1.43.17828
Disk Partitioning Tools
- Minitool Partition Wizard Technician Edition v9.1
- Aomei Partition Assistant Technician Edition v6.0
- Acronis Disk Director Suite 12 Build 3223
- Active@ Partition Manager v5.0.15  (Bundled app)
File and System Recovery Tools
- Minitool Power Data Recovery Technician v7.0
- Piriform Recuva Technician v1.52.1086
- Active@ File Recovery v14.5  (Bundled app)
- Active@ Disk Editor v6.0.37  (Bundled app)
- Active@ Partition Recovery v14.0.1  (Bundled app)
- Active@ UNDELETE v10.2.9  (Bundled app)
- UFS Explorer Professional v5.18.5.4009
- Active@ KillDisk v10.0.6  (Bundled app)
- Active@ Password Changer 6.0.619  (Bundled app)
File Management & Other Utilities
- Speed Commander Pro v15.61.8000
- PE Explorer (Bundled app)
- Clonespy v3.2.2.0
- 7-Zip v15.12
- WinRAR v5.30
- Gimagex v2
- Notepad Text Editor (Bundled app)
- Calculator (Bundled app)
- HoneyView v5.14
- Sumatra Document Viewer v3.1.1
System Monitoring Tools
- Active@ Disk Monitor v3.2.2 (Bundled app)
- HWiNFO64 v5.1.0.0
- Speccy Technician v1.29.714
CD/DVD Burning and Virtual Drive Utility
- PowerISO v6.4 with virtual drive
- Any Burn v2.9
- ImDisk Control Panel
Disk and Volume & File Encryption Tools
- DiskCryptor v1.1.846.118
- VeraCrypt v1.16
- VSEncryptor v2.7.3.527
- WinAES v0.2.3
System Tools
- WinNTSetup v3.8.8.5
- BooICE v1.3.3.2
Active@ Boot Disk එක ඔයාලට Download කරගන්න තියෙන්නේ ISO File එකක් විදියට. ඒකනිසා අපිට CD එකකට Write කරන්න හරි Pen Drive එකකට හරි පහසුවෙන්ම හදාගන්න පුළුවන්.
Pen Drive එකක් Bootable කරල Active@ Boot Disk Run කරනවානම් අපිට ඒකට ගැලපෙන Software එකක් පාවිච්චි කරන්න වෙනවා ඔයාලට ඕනෙනම් PowerISO Software එක පාවිච්චි කරන්න පුළුවන් ඔන්න අපි ඒ Software එකත් ඔයාලට මේ ලිපියෙන්ම දීල තියනවා.


Active@ Boot Disk Software Packge එක ඔයාලට Download කරගන්න වෙන්නේ Torrent එකක් විදියට. ඔන්න එහෙනම් Active@ Boot Disk පාවිච්චි කරලම බලන්නකෝ කොහොමද කියල.

Wednesday, August 3, 2016

Youtube Video බාන්න Software ඕනෙම නෑ.


ඔන්න යාලුවනේ අපි අයෙත් අලුත් වැඩ කෑල්ලක් අරගෙන ඔයාලව හමුවෙන්න අවා.අපි හැමෝම දන්න දෙයක් තමයි Youtube කියන්නෙ. අපිට ඕනේ වෙන Video Clips හොයාගන්න තියන ලේසිම තැන තමයි Youtube කියන්නෙ. අපිට ඉගෙන ගන්න දෙයක් හරි සින්දුවක් හරි ඕනේ වල් පල් ඕනෙම දෙයක් මේ Youtube එකේ තියනවනේ. එත් Youtube එකෙන් අපිට පුළුවන් ඒවා බලන්න විතරයි Download කිරීමේ පහසුකම එකේ නෑ. හැබැයි අපිට Youtube Downloader එකක් පාවිච්චි කරල ඕනෙනම් Video Clips Downlad කරන්න පුළුවන්. ඔන්න අපි අද හදුන්වල දෙන්න යන්නේ ඊටත් වඩා ලේසි ක්‍රමයක්.
මේ තමයි Software පාවිච්චි නොකර Youtube Videos Download කරගන්න එක. මේ පහසුකම නොමිලේම දෙන නිසා තවත් ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
1.       සාමාන්‍යයෙන් කරනවා වගේ අවශ්‍ය Video Clip එක Youtube එකෙන් Search කරගන්න.
2.       Search කරපුගමන් Video එක Play වෙන්න පටන්ගන්නවා එහෙම Play වෙනකොට අපේ තියන Data කැපෙන බව අපි අමුතුවෙන් කියන්න ඕනි නෙනේ එක නිසා Play වෙන එක Pause කරගන්න.
3.       ඊටපස්සේ Web Bowser එකේ Address Bar එකේ තියන Web Address එක Copy කරගන්න.
4.       ඊළඟට අලුතින් Tab එකක් අරගෙන ඒ Tab එකේ Address Bar එකේ මෙන්න මේ Web Address එක Type කරගන්න.
5.       දැන් අපි කලින් Copy කරගත්ත Youtube Address එක keepvid Web Site එකේ තියන Download කියන Search box ඒකට Paste කරගන්න.දැන් දකුණු පැත්තේ කෙලවරේ තියන Download Button එක Click කරන්න.

6.       ඊටපස්සේ අපිට කැමති  Video Format තෝරාගන්න කොටසක් අපිට දෙනවා එතනින් අපට අවශ්‍ය Video Format එක Select කරන්න විතරයි තියෙන්නේ අවශ්‍ය Video Clip එක ඔයාගේ Computer ඒකට Downlad වෙනවා.

මේ කියල දුන්න දේ තවත් ලේසි කරන්න මේ ගැන හදපු Video Clip එකකුත් පහලින් තියනවා.



Wednesday, June 22, 2016

සිංහල Typing වැඩකාරයෙක් වෙන්න


ඔන්න ගොඩක් දවසකින් IT Master අයෙත් පොඩි වැඩ කෑල්ලක් අරන් ඔයාලව හමුවෙන්න අවා
දැන් කලේ හැමෝම Computer Course කරනවනේ හැබැයි කොච්චර Course කලත් ගොඩක් දෙනෙක්ට බැරිම දේ තමයි Typing මොකද අනිත් හැම දේම Practice කළාට අපි කවදාවත් Typing practice කරන්නේ නෑ එකයි මෙහෙම වෙන්න ලොකුම හේතුව.

අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට ඉංග්‍රීසි වලටනම් ඕනෙතරම් software තියනවා හැබැයි සිංහල අපිට සිංහල practice කරන්න ක්‍රමයක් තමයි ප්‍රශ්නේ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තිබුනේ බොහොම කාලෙකට කලින් දැන් එකටත් උත්තරයක් තියනවා.

ඒ තමයි siyapatha sinhala typing tutor මේ software එක හදල තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මේක අද ඊයේ හදපු software එකක් නෙවෙයි 2009 වසරේදී හදපු software එකක් මේ software එකෙන් පුළුවන් සිංහල typing මුල ඉඳලම ඉගෙනගන මේ software එක හරි විදියට practice කලොත් ඔයාලටත් පුළුවන් සිංහල typing වැඩකාරයෙක් වෙන්න ඉක්මනින්ම.

හරි වැඩි කතා ඕනේ නෑ ඔයාල පාවිච්චි කරලම බලන්නකෝ...............


සරල software එකක් නිසා ඕනෙම කෙනෙක්ට වැඩකරන්නත් ලේසියි




Wednesday, April 27, 2016

Facebook ගෙදර ගෙනත් ලගින්ම තියාගන්න


ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල IT Master අපි සුභ පතනවා
අලුත් අවුරුද්ද නිසා මේ දවස් ටිකේම අලුතින් දෙයක් දෙන්න IT Master අපිට ඉඩක් ලැබුනේ නෑ.දන්නවනේ ආවුරුද්ද කියන්නෙ ටිකක් කාර්යබහුල කාලයක් කියල ඒකයි IT Master Silant වෙලා හිටියේ මේ දවස් ටිකේ.
ඔන්න ඉතින් හා හා පුරා කියල මේ අලුත් අවුරුද්දේ IT Master අලුත් වැඩකුත් එක්ක ඔයාල හම්බ වෙන්න අවා.හරි එහෙනම් වැඩේ පටන් ගමු තවත් කතා නැතුව.
Facebook කියන්නෙ මොකක්ද කියල අපි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ඉතින් ඔයාලට නේද? ඒ තරමටම facebook කියන දේ අපිට ලන්වෙලානේ තියෙන්නේ. ලංවෙලා තියන තරම කියන්නෙ සමහර අයට නම් දවසකට එක පාරක්වත් facebook ගියේ නැතිනම් හරියට කෑම කෑවේ නැහැ වගේයිලු....
එක නිසා අපි පොඩි facebook වැඩ කෑල්ලක් කියල දෙන්න හිතුව මොකද මේක facebook එකේ නිතර ඉන්න අයට ගොඩක් වැදගත් වෙනවා.facebook account එකක් backup කරල ගන්න හැටි තමයි අද අපි මේ කියල දෙන්න හදන්නේ.
දැන් ඔයාල බලනවා ඇති අපුරුවට තියන account හදිස්සියේම මොකද backup කරන්න දඟලන්න ඕනේ කියල නේද. මෙන්න මේකයි ඒකට හේතුව.
facebook account එක deactivate කරල දාල අපිට අලුතින් account එකක් හදාගන්න උවමන උනොත් හරි අපේ facebook account එක block වෙලා හරි ගියොත් එහෙමත් නැතිනම් account එක hack උනොත් හරි කලින් account එකේ හිටපු යාලුවෝ,ෆොටෝස්,අපි පාවිච්චි කරපු apps,play කරපු games වගේ ගොඩක් දේවල් නැතිවෙලා යනවා හැබැයි backup කරගත්තොත් ඒ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව අලුතින් හදන account ඒකට restore කරගන්න පුළුවන් මේ පහසුකම නිසා.
කලින් කියපු දේවල් විතරක් නෙවෙයි යාලුවෝ අපිට එවපු message,post වලට දාපු comment එහෙමත් මෙතනින් backup කරන්න පුළුවන්.සරලවම කියනවනම් සම්පුර්ණ facebook account එකම එක file එකකට backup කරගන්න පුළුවන් කියන එකයි.

මෙන්න මේ විදියට තමයි facebook account එක backup කරන්නේ.

https://www.youtube.com/watch?v=hnd8nECgxnk

Sunday, April 3, 2016

Google පාර දිගේ ගෙදර යමු.....


ඔයාල දන්නවනේ Google Map ගැන ඔන්න දැන් google map තවත් දියුණු කරලා.මෙච්චර කාලයක් අපිට පුළුවන් උනේ google map එකෙන් satalite map එක බලන්න විතරයි ඔන්න දැන් එතනින් එහා දේවල් කරන්නත් අපිට දැන් පුළුවන්.

Saturday, March 26, 2016

USB Data මංකොල්ලය.......



ඔන්න යාලුවනේ ආයෙත් අපි ආවා පොඩි Software එකකුත් අරන්.මේක නම් ඇත්තටම පොඩිම පොඩි Software එකක්. හැබැයි ඉතින් Software එක පොඩි උනාට මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ නම් ගොඩක් ලොකුයි. කොහොමද අයිතිකාරයටත් හොරාට Pen Drive එකෙන් එයාගේ Data Copy කරගන්න තිබුනොත් නියමයි නේද? මටත් මේ Software හම්බ උනේ පොඩි හොර වැඩක් කරන්න ගිහින් :D
හරි දැන් ඉතින් මම මේ Software එක ගැන කියන්නම්කො......

Thursday, March 24, 2016

USB වලින් එන Virus වලට තිත.


අද IT Master ගෙන් ඔයාලට දෙන්න හදන්නේ අපිට ගොඩක්ම වැදගත් වෙන දෙයක්.
අපි හැමෝම Pen Drive පාවිච්චි කරනවනේ............. ඔයාල දන්නවා ඇති USB වලින් අපිට වාසි වගේම අවාසිත් තියනවා.ලොකුම අවාසිය තමයි USB Pen Drive වලින් Virus අපේ පරිගණකයට එන්න තියන ප්‍රවනතාවය ගොඩක් වැඩියි.ඒකට ලොකුම හේතුව තමයි Virus එකක් බෙදාහරින්න තියන ලේසිම ක්‍රමයක් තමයි මේ USB කියන්නෙ.දැනට තියන ගොඩක් Virus නිර්මාණය කරල තියෙන්නේ USB හරහා සංසරණය කරන්න පුළුවන් විදියට.